Sunday, September 28, 2014

තණබිම
                   කලකට පසු පැමිණි වැස්සෙන්
                       පසුව අහසෙහි තරු පැල නැගි
                            සිසිල අරගෙන සුළග ඇවිදියි
                       අදුරු තුරු පත් නටවමින්
                  නිශා කෘමි දහසක් සැඟව හිද
             මියුරු සර සපයද්දි නැටුමට
                      කලාමැදිරියො එළිය දල්වා
                           සැමට ගෙනයයි මිහිරි පනිවුඩ
                       හුදෙකලාවෙහි හිදිමි මෙතැනම
                 තණ පත් ද පිණි බිබි සැනසෙත
           ඔබ නො එනු කිම කලක් ගියමුත්
     අමතකද අද මෙතණ බිම  හුන්


සුනිල්

No comments:

Post a Comment