Sunday, September 7, 2014



sitivili

සැන්දැව නොපමාව අදුර කර පින්නගෙන
මගෙ පැලට ගෙවදියි නිසොල්මනේ වගේ
නියඟ පසු කරගෙන දිව එන වැසි බින්දු
පහර දෙයි වහලට තෙත බරිත වෙයි ගෙබිම
සීතලට අදුර විත් හැපෙයි අහුමුවලත්
කිසිවෙකුත් නැතිතැනෙක පහන් දල්වනු කුමට
වෙනද මෙන් මගෙ තනිය උසුලාගෙන ඉන්න
බලු මිතුරු  යන්න ඇත  ලග නෑ සියන් හා
ඔබත් එති එතී සිතු කාලයත් අරගෙන ම
ගියෙන් කොහිදෝ අතක නැත පලක් සිතිවිල්ලෙ

sunil leewanage

No comments:

Post a Comment