Wednesday, August 27, 2014

පෙර කල සිහින
සහ පිරිවරට සද විලසින්         රගන්නියේ
යහමින් ඔවුන් වෙත තුට කිරි බෙදන්නියේ
සහනය නිතඹ සලමින් හද        දවන්නියේ
පහනින් ඔබෙ එළි නොව ගිනි තබන්නියේ

දුටිමි මගෙන් සැගවි මී බෙදු             නයන
දතිමි දැලක් වු අරැමය නිල්              නයන
බිදිමි කියා සිතුවත් සිත බැදි            දැහැන
තැවෙමි නිතිනි දුටුවෙන් පෙර කළ   සිහින


සුනිල් ලීවානගේ 

කාලය ගෙවිණ

 එදා රැදි වුන් තුරැ සෙවනැල්ල ම
 දැන් ඔබ දකිනවද
තෙපලු බස් කහ මල් මත වැටිලා
 නැවතත් පිපෙනව ද
 කුරුටු ගගා පත් ලු ගෙබිමෙ මත
 සටහන් පෙනෙනව ද
 දුරක රැදි මා ඔබ රුව දුටු බව
 නිකමට දැනුණා ද
පුරැදු වැලි මගේ අද තබනා පා
 රලු බව ‍දැනෙනව ද
 අඹ දලු දැන් නැත තද පැහැ ගැන්වි
රලු බව පෙනෙනව ද
 මුදු තණ මත පෙර අප ආ ගිය
මග රලු ගල් ඇතිරිණි ද

 සුනිල්  ලීවානගේ      ගින්නලිය මහා විද්‍යාලය

Thursday, August 7, 2014

නැති ව ඔබ
අරැණථ තැවරෙද්දි තුරැපත් මුදුන්      මත
මුදු පොද වැස්ස නවතියි පිපි කුසුමි    වෙත
සුදු වැලි මිදුලේ පා සටහන් සොයයි  නෙත
කදු බැවුමක ඔබ විමසා සරයි           සිත

පුරැදු අඹ තුරද දථ නැත පලින්           පිරේ
සුමුදු මල් කැළ ද ආ මග වෙතට        හැරේ
දිනිදු කිරණ වැද පිණි මිණි ලෙසින්  දිලේ
නමුදු නැති ව ඔබ දස අත අදුරැ        කෙරේ


සුනිල් ලීවානගේ

මිල්ල ගස 

                             මිල්ල ගස  වාගෙමයි ඔබගේ සිත තුළ
                                      රථයි නූපදවයි මුදු සිතිවිලිවත්
                                              නමුත් එහි පත් ලෙසින් දේ සෙවන
                                                     සිසිලසින් පුරවා විටෙක ඔබ ලෙසින්
                                                හුදකලාවෙ සුළගටත් සැලේ  තුර
                                        ඔබ එතැයි යලිත් සිතිවිල්ලෙන් මෙන් මගේ
                                  නො තකා මා ඉවත බලා  නිසොල්මන් ව
                         හිදිනා මිල්ල ගස ම මුදුනේ මුදු මල් පුබුදුවයි
                  ඔබ මසිතේ සිට කරනා දේ ලෙසින්


                                                              සුනිල්

Saturday, August 2, 2014


බැතිය

සුදුවත් බැති අතින්
දොවති බෝදිය සුසුදු ජලයෙන්
නෙක පැතුමි පැහැයෙන්
බරයි ඒ අතු සැම අතෙකින්
මල් මත සුවද දුමි
ඉල්ලයි  සැපත් පසුව මරනින්
දිව ඇවිත් එ සැනින්
නිවසෙ සරසයි අග්නි සැනෙකින්
ගෙන ගිනි සිය අතින්
දවයි සිත්  දස අත ම  
නැතිය සැනසුමි


සුනිල්

  සුභ නව වසරක් වේවා