Wednesday, August 27, 2014


කාලය ගෙවිණ

 එදා රැදි වුන් තුරැ සෙවනැල්ල ම
 දැන් ඔබ දකිනවද
තෙපලු බස් කහ මල් මත වැටිලා
 නැවතත් පිපෙනව ද
 කුරුටු ගගා පත් ලු ගෙබිමෙ මත
 සටහන් පෙනෙනව ද
 දුරක රැදි මා ඔබ රුව දුටු බව
 නිකමට දැනුණා ද
පුරැදු වැලි මගේ අද තබනා පා
 රලු බව ‍දැනෙනව ද
 අඹ දලු දැන් නැත තද පැහැ ගැන්වි
රලු බව පෙනෙනව ද
 මුදු තණ මත පෙර අප ආ ගිය
මග රලු ගල් ඇතිරිණි ද

 සුනිල්  ලීවානගේ      ගින්නලිය මහා විද්‍යාලය

No comments:

Post a Comment