Wednesday, December 24, 2014


වැඩුවද සිත දිරිය

මලෙක සිනිදුබව ගතහැකි වෙයි ද සොරා
ගසෙක සැගවි සුමියුරු පල ගනිති ගිරා
දොලක ලලිතබව සිත තුළ වඩයි නුරා
සිතක සිතුමි නල  සේ යයි ඔබ ම කරා
වැලි වැලි වැස්ස ගෙන ආ මිදුල ද සුදු ය
රැළි රැළි සුළග ගෙන එන සුවදත් මුදුය
සැලි සැලි සිතින් පත් මත මා ලිවි කවිය

දිලි දිලි පියබදේ වැඩුවද සිත් දිරිය


සුනිල්

Monday, December 22, 2014

KISITH NO MUMUNANU KIMA


මලක් නො පිපේ ගලක් මතුපිට
කෙතෙක් විමසුමි කළ නමුත්
සදක් පායා එයිද  උදයක
නැතක් කල් හෙලු මුත් සුසුමි
විලක් මතුපිට මිණක් පාවි
යන දිනක් එයි සිතු නමුත්
පලක් නැති ලෙස සිතක් ඉපදෙයි
පිරෙන්නට ඔබ ගැන පැතුමි
පීර පීරා ළපලු සුමුදු ව  සෙමින්
එන නළ රැල් වෙතින්
මොර මොරා සිතේ රැවි දෙන
සිතුමි තබමින් ඔබ වෙතින්
තොර තෝරා නො සිට පිළිතුරු
ගෙනෙන්නට කිවද නොමින්
සූර සූරා මසිත් දෙරණ ම
කිසිත් නොමුනනු කිම මුවින 

SUNIL

Thursday, December 18, 2014

ගල් ඇතිරු මාවත
--------------------
ගල් ඇතිරු මාවතක
නො රැදේ පියවර ද
මල් පිපුණු බිමෙක වුව
රැදෙද නිති මල් සුවද
වල් වැවී වැසි ඇති
පුරුදු පියසේ වුව ද
කල්බදේ රුව ඇදේ
සිතේ සැගවි කොහිද
නිල් පැහැති පුංචි මල්
වැලි තලාවෙි වැතිර
කල් බලයි ඔබෙි පා
සිඹින්නට පෙර විතර
තුල් කදුමුදුනතෙහි
සිටින විට සද වැතිර
උල් මගෙකින් වුව ද
එමි වෙතොත් සිත නො හැර

sunil leewanage





Friday, December 12, 2014


විසදුමි

බලවත් නැඩ නව එ‍කෙකු හා ‍යෙහෙලිය
පැන ගි‍යෙන් හුදකාව ‍නො ඉවසා
හඩනගා සැමට සිය දුක පවසන
සුනඛ යහලුවා‍නෙණි
නොමැත මට ද පිළිතුරක්
මපිය බද නමි  ඔවැන්නට
ඇය නිබද හදුනන ගරා වැටි
විමනක් අරා  කුඩා කාසි වලදන
දෙවි‍කෙ‍නෙකු ඇත
හුණු උලා ‍දෙස් තබා

ගැටලු විසදුමි ‍දෙතැයි පවසන

සුනිල්

Sunday, December 7, 2014

සුමුදු කවි කියවන්න

---------------------------
කලාමැදිරියන් කැළක්
දෝතින් පුරා ගෙන
දුඹූරු වැසි වලා සලුවෙන්
සුමුදු වත මුවා කර
සීතල හොරෙන් වගේ
අඹ දලු මත රැදෙන
මෙ නිශා යාමයේ
එන්න මා වෙත සෙමින්
තරු එළිය තණ පත්හි
පිණි බින්දු කවි ලියන
ගලා යන ඇල අසල
නිශාචර ගි ඇසෙන
යාමයේ හිතයි මට
ඔබෙ කොපුල් මත ඇදුන

සුමුදු කවි කියවන්න
           මැකී යන්නට

                       මැකී යන්නට ලගයි
                 තැබූණු පිය සටහන්
            මිලින වෙීයැයි සිතේ
                 පිපුණු කහමල් කැළන්
                     අදත් අදුරුයි වගේ
                          රැදුනු බිම මග බලන්
                   කිරණ ගෙන ඔබ වෙලු
              හිරු ද ඇත  බැස යමින්
        අහමිබෙන් හෝ යතැයි.
                සුව දසුන ඇස් ලගින්
                     නො සෙල්වි වුනිමි මම
                           සිටිය මහ තුර ලගින්

                   සද එතැයි බිය වුනෙමි

  සුභ නව වසරක් වේවා