Thursday, December 18, 2014

ගල් ඇතිරු මාවත
--------------------
ගල් ඇතිරු මාවතක
නො රැදේ පියවර ද
මල් පිපුණු බිමෙක වුව
රැදෙද නිති මල් සුවද
වල් වැවී වැසි ඇති
පුරුදු පියසේ වුව ද
කල්බදේ රුව ඇදේ
සිතේ සැගවි කොහිද
නිල් පැහැති පුංචි මල්
වැලි තලාවෙි වැතිර
කල් බලයි ඔබෙි පා
සිඹින්නට පෙර විතර
තුල් කදුමුදුනතෙහි
සිටින විට සද වැතිර
උල් මගෙකින් වුව ද
එමි වෙතොත් සිත නො හැර

sunil leewanage





No comments:

Post a Comment