Sunday, March 29, 2015

rka hl.k

kS, jr, fia .sks isලුˆ orkakS
flda, j; u;ska wk,ska ojkakS
mE, fodßka nei hk u. n,kaks
oE, fomi ñka oo fm< k.kakS
fodf,a oshg rciska ls,s lrkakS
uf,a rejd ieu rd is;a uäkakS
oef,a fydjd yo reysfrka /flkakS
mef,a msf,a isma wrfK o irkakS
lkafo my<úufka fodr jikakS
,kafo u.l  md .s.sß o i,kaks
;=kaux if,a rela fjfkys o fmfkkakS
ikaiqka .uk jqj yo l,TjkakS
rkajka .;ska is;aú,a fmd,UjkakS
fmñj; jvd youih u nqoskakS
;=ka is; ojd ,eu fida .sks jvkakS
ukaodrfu;a is;a .skshñ lrkaks

සුනිල් ලීවානගේ

Wednesday, March 25, 2015

නැත කිසිම ස්වරයක්

නැත කිසිම ස්වරයක් ඇසෙන්නේ
ගලා යන දොළ දෙසින්වත්
කහපාට මල් වැල් දෙසට නමි
යන්නවත් නො සිතේ දැන්
කුරුටු ගෑ තුරු බත්  එතැන ම
ඇතියැයි සිතා නො බැලිමි එදෙස
සැදැකල මුහුණ පෙන්වන්නට මෙන්
කලාකතුරකින් එන සදත් වැසි ඇත
ළා දුඹුරු වලාවකට කලක සිට
ඔබත් එසේ නොවෙි යැයි

සිතන්නේ කුමකට ද මෙදෙස හි


සුනිල්

Saturday, March 14, 2015


නො සිතා

නො සිතා ඔබ ගැන
සොයද්දි බොහෝ දේ
මට නො දැනෙන සේ
ඔබ සපැමිණ ඇත මා අසළින්
සෙවු කිසිවක නො තිබු කිසිවක්
ඔබ ලග වෙතැයි
හගවද්දි අසළ සිට
සිත ඇති විට
නො තිබිණ මට නෙත
නෙත ඇති විට
මගේ සිත කොහිදැයි
සොයා වෙහෙසෙමි අද


සුනිල්

Thursday, March 5, 2015

නො වන්නේ කෙලෙසද
-------------------------
සිවි සිය වරක්
හඩ නගන්නට ඇත්නමි මට
ඔබගේ නම මෙි නිසසළ යාමයේ
ඔබ සැගවි සිටිනා තැනකට ඇසෙන්නට
නැතිනමි සිත බිහිරි ව
ඇසෙනු ඇත ඒ ස්වර
මෙි සිසලැල් සුළගටවත්
නො මුසු කර ඔබ සුවද
කරමින් සිටින්නේ කුමක් ද
දකින්නට හැකි මලකටවත්
ඔය රුව කලකින්
නො මුසු කළේ කිම
හැකිද ගගකට සොදුරැව ගලන්නට
නැතිව දිය දහරක්
සකුණ කැලත් පතිත වෙයි මිහිමත
පියාසර කරන්නට නැතිනමි අහසක්
නොවන්නේ කෙලෙස ද එලෙසින්
ඔබට මා

සුනිල්

Tuesday, March 3, 2015

සිත් නො හැර
--------------------
ගල් ඇතිරු මාවතක නො රැදේ පියවර ද
මල් පිපුණු බිමෙක වුව රැදෙ ද නිති මල් සුවද
වල් වැවී වැසි ඇති පුරුදු පියසේ වුව ද
කල්බදේ රුව ඇදේ සිතේ සැගවි කොහිද
නිල් පැහැති පුංචි මල් වැලි තලාවෙ වැතිර
කල් බලයි ඔබෙ පා සිඹින්නට පෙර විතර
තුල් කදුමුදුනතෙහි සිටින විට සද වැතිර
උල් මගෙකින් වුව ද එමි වෙතොත් සිත නො හැර
                                 සුනිල් ලීවානගේ     ගින්නලිය   


  සුභ නව වසරක් වේවා