Sunday, September 28, 2014

තණබිම
                   කලකට පසු පැමිණි වැස්සෙන්
                       පසුව අහසෙහි තරු පැල නැගි
                            සිසිල අරගෙන සුළග ඇවිදියි
                       අදුරු තුරු පත් නටවමින්
                  නිශා කෘමි දහසක් සැඟව හිද
             මියුරු සර සපයද්දි නැටුමට
                      කලාමැදිරියො එළිය දල්වා
                           සැමට ගෙනයයි මිහිරි පනිවුඩ
                       හුදෙකලාවෙහි හිදිමි මෙතැනම
                 තණ පත් ද පිණි බිබි සැනසෙත
           ඔබ නො එනු කිම කලක් ගියමුත්
     අමතකද අද මෙතණ බිම  හුන්


සුනිල්

Sunday, September 7, 2014

                                        නියග කාලය වගේ
                                              ------------------------
                                                             තණ මල් අතින් ගත්
                                                              ඉපනැල්ල සතුටකිනි
                                                      බොහෝ කලකට පසු ව
                                                පැමිණි පොද වැසි නිසා
                                           ළා දථ ද මෙන්න දැන්
                                     හෙමිහිට අතු අගින්
                              එබිකමි කර බලයි
                       එන සුළගෙ මුදු සිසිල
                  වැස්ස හා මුසු වෙතැයි
           නියර මත පටු පාරේ
     කිසිවෙකුත් නැත තවම
   ඔබට අමතක වි ද
  බෝ කලක් ගත විනැයි
 නියග කාලය වගේ

sunil leewanage




sitivili

සැන්දැව නොපමාව අදුර කර පින්නගෙන
මගෙ පැලට ගෙවදියි නිසොල්මනේ වගේ
නියඟ පසු කරගෙන දිව එන වැසි බින්දු
පහර දෙයි වහලට තෙත බරිත වෙයි ගෙබිම
සීතලට අදුර විත් හැපෙයි අහුමුවලත්
කිසිවෙකුත් නැතිතැනෙක පහන් දල්වනු කුමට
වෙනද මෙන් මගෙ තනිය උසුලාගෙන ඉන්න
බලු මිතුරු  යන්න ඇත  ලග නෑ සියන් හා
ඔබත් එති එතී සිතු කාලයත් අරගෙන ම
ගියෙන් කොහිදෝ අතක නැත පලක් සිතිවිල්ලෙ

sunil leewanage

  සුභ නව වසරක් වේවා