Sunday, June 15, 2014

                          මෙ ලෙසින් ඇයි
 තෙල් පහනක එලියක් ලෙසේ
මලක සුමියුරැ සුවද සේ
පිණි ළදල්ලක් සැලෙන සේ
එන්නේ ඇයි  සිත වෙත නිතින්
 වලාකුථ නැති නීල අහසේ
හායනා පස සද වගේ
අදුරැ රේඛා මතට එළියක්
දෙන්නේ ඇයි ඔබ දුරට වී
 ඉරිම උදයක නිහඩ බව සේ
නැගෙන හිරැ නැති අරැණ එළි සේ
නො වැටහෙන මුදු උණුසුමක් සේ
ඉන්නේ ඇයි ඔබ නො ළං දුරකින්
ඹබ දිය ඇල්ලකි

                                   සිනිදු සුදු දිය ඇල්ලකි ඔබ
                              හරිත පටු නිමිනයක
                         ලලිත ව පතිත වන
               ‍යොවුන් ර්‍ුභාතයෙන්
              සුපිපි නෙක කුසුමින්
           කරන රැ සිරි මනරමි
               ගමන ඔබ සුලලිත
                   සර මිහිරිය නො තරමි
                      කුල්මත් කරයි සිත
                        වැළදගත් කිසිවෙක් 
                          ඇති ද පියොවි සිහියෙන්
                              කිසිදා මෙදියත

                                                 සුනිල් ලීවානගේ

Friday, June 13, 2014

සිතේ ඇනෙන කටු

හැකිනමි මට වියළි පතක් වන්න
ඔබ යනෙන මග සැම උදැසනක
මට හැකිනමි පිණි බින්දුවක් වන්න
දොවන්නට පා ලතු බිදක්
කෙලෙසද හැකි වන්නේ වරක් හෝ
යන්නට තෙත් තණපත් මතින් මග
ඔබ යනෙන සුමුදු මොහොතක
කිකල ද  නැතිවන්නේ
සිතේ ඇනනා කටු
නිසාවෙන් ඔබ

සුනිල්

සොවිනි ඇත්තේ
--------------------------
මසිතිවිලි අහස පුරා දොමිනස් කලුවලා
පතිත කරවයි සෝවැසි ඔබදෙරණ මත මුදු ව
මඩ පැහැවතුර සේ ගලද්දි ගග
කෙහෙරැළි විදා රන් මිරිවැඩි ලා
ඉවත බලා යයි ඔබ
උඩු ගං බලා
ඔබින් සිරිගර රස සැදූ
සියොතුන් පියා විහිදූ
උන් තුට දසත විහිදදූ
මසිත සොවෙහි ම රැදිණ නො මුදූ

සුනිල් ලීවානගේ

නිහඩ ය

ඈත පෙරදිග අහසේ
අරැනථ පැතිරැනත්
මෑත වැසි බර අදුර
ගුලි ගැසී ඇත නොමින්
ඔබ ගැන මතකයෙන් පිරි
සෝ බර වු මසිත  සේ
තෙත බරිත මග දිගට
සුසුමි පිණි බරින් හිස නැමුණු
තණපත් නිසෝලමනේ වැතිරේ
නො යයි ළග හා මුමුනනුවත්
මුදු මුහුළ මුදා
ලැසි ගමනින් 
ඔබ එදා පියමැන්න මග
නිහඩ ය මඩ වතුරින් වැසී



සමයං ජාමෙ

කපුටෙක් ඇවිත් මා වටකර           කොටන්නා
ලේනෙක් ඇවිත් අතු අග සිට             රවන්නා
ගිරවෙක් ඇවිත් අඹයට හොට          තබන්නා
වරැවක් වෙලත් නුඹ නං අද නො         එන්නා

සියොතුන් අහසෙ උඩ යනවා  පෙනෙන්නේ
මම නං මෙතන ගිනි අවිවෙ ම    තැවෙන්නේ
නුඹ නං ඉතින් සැමදා පැණි           බුදින්නේ
සමයං ජාමෙ මම තාමත්           තැවෙන්නේ

කාලේ කුමට වහිනව නං            තෙමෙන්න
දෑලේ කුමට ගග සොද ඔරැ               පදින්න
සීලේ කුමට තනියෙං කවි               කියන්න
මාලේ කුමට සගවා සොද                බදින්න

සුනිල් ලීවානගේ

Friday, June 6, 2014

අහසේ හෝ
නිතර  ආ ගිය දොරටුවක් පාමුල
දෙපයින් මිදුණු මිරිවැඩි සගලක්
දුටුව විට අහඹු ලෙස
සසල වෙයි සිතිවිලි
ඔබ නෙතෙහි තැවරෙතැයි
අපිලිවෙල අතකුරැ
ඇති පතක් දුටු විට ද
විමසිලි වෙය සිත
රතැගිලි පැහැ වෙතැයි
සැන්දැවලා අග රතු තැඹිලි වී යද්දි
සිත කකියයි විටක
ඔබ මුදු වතෙහි රැව
නොරැදිනැයි ඒ අහසෙ සුමුදු ව

සුනිල්

Thursday, June 5, 2014

කිසිවෙකු එන්න පෙර
--------------------------
සිසිලසයි හිමිදිරිය
බසින සද මළානික එළිය
විසිරැවයි බිම සැම තැන
නිහඩ ය සැම අතක
මොනර ස්වරයක් එයි
සිරිගර ව කොහිද සිට
ඔබ සෙවනෙ මිදුල අග
ලෑලි බංකුව මතට වී
පුංචි රංඩුවක් වන්න
තරහ වී නිහඩව ම ලග ඉන්න
එන්න දොර පියන් හැර
බෝ නිහඩ මෙ යාමයේ
සද වැතිරි බංකුවට
කිසිවෙකුත් එන්න පෙර

සිතැත්තෝ

සිතැත්තෝ සොයත්
සොදුරැ මලක සුවද ම
වනති ඒ මුර ගා ඒ සොදුරැ රැව ද
පණුවෝ වළදත් ඒ මල් ම
දමත් වසුරැ පත් මත
වසා නිලමැසි දන
වගුරති මහ දුගද
කවියෝ දකිත් ලෝ දමි


සුනිල් 
මෙ කලුවර තුළ

පහන පහර වැද
අදුර පැතිරි පහන් කණුව යට
පිණි කදුථ වැගිරේ
කටු මුල් ඇනණන
පටු පාර රථ ය
රිදුමි දේ පය  ද සිත ද
හුරැ පුරැදු අදුර වුව
වරදවයි ද මට මග
කොහිද ඔබ
මෙසැම සගව ගත්
කලුවර තුළ

සුනිල් ලීවානගේ

  සුභ නව වසරක් වේවා