Friday, June 6, 2014

අහසේ හෝ
නිතර  ආ ගිය දොරටුවක් පාමුල
දෙපයින් මිදුණු මිරිවැඩි සගලක්
දුටුව විට අහඹු ලෙස
සසල වෙයි සිතිවිලි
ඔබ නෙතෙහි තැවරෙතැයි
අපිලිවෙල අතකුරැ
ඇති පතක් දුටු විට ද
විමසිලි වෙය සිත
රතැගිලි පැහැ වෙතැයි
සැන්දැවලා අග රතු තැඹිලි වී යද්දි
සිත කකියයි විටක
ඔබ මුදු වතෙහි රැව
නොරැදිනැයි ඒ අහසෙ සුමුදු ව

සුනිල්

No comments:

Post a Comment