Thursday, June 5, 2014

කිසිවෙකු එන්න පෙර
--------------------------
සිසිලසයි හිමිදිරිය
බසින සද මළානික එළිය
විසිරැවයි බිම සැම තැන
නිහඩ ය සැම අතක
මොනර ස්වරයක් එයි
සිරිගර ව කොහිද සිට
ඔබ සෙවනෙ මිදුල අග
ලෑලි බංකුව මතට වී
පුංචි රංඩුවක් වන්න
තරහ වී නිහඩව ම ලග ඉන්න
එන්න දොර පියන් හැර
බෝ නිහඩ මෙ යාමයේ
සද වැතිරි බංකුවට
කිසිවෙකුත් එන්න පෙර

No comments:

Post a Comment