Friday, June 13, 2014

සමයං ජාමෙ

කපුටෙක් ඇවිත් මා වටකර           කොටන්නා
ලේනෙක් ඇවිත් අතු අග සිට             රවන්නා
ගිරවෙක් ඇවිත් අඹයට හොට          තබන්නා
වරැවක් වෙලත් නුඹ නං අද නො         එන්නා

සියොතුන් අහසෙ උඩ යනවා  පෙනෙන්නේ
මම නං මෙතන ගිනි අවිවෙ ම    තැවෙන්නේ
නුඹ නං ඉතින් සැමදා පැණි           බුදින්නේ
සමයං ජාමෙ මම තාමත්           තැවෙන්නේ

කාලේ කුමට වහිනව නං            තෙමෙන්න
දෑලේ කුමට ගග සොද ඔරැ               පදින්න
සීලේ කුමට තනියෙං කවි               කියන්න
මාලේ කුමට සගවා සොද                බදින්න

සුනිල් ලීවානගේ

No comments:

Post a Comment