Saturday, August 31, 2013

             සියුමි සුවදක්
සියුමි සුවදකින්මගේ කුටිය ඇත ඉතිරිලා
අතීතය ඇවිත් ආයෙත් සිතුවමක් වෙලා
ඔබ අතින් තැනු සැරසිලි  සිතේ අමිනිලා
තනිය බිතුමතේ මුදු කවක් ලියැවිලා
රතුපාට මල් ගසත් මල් කැනින් බර වෙලා
කහපාට සද ලගින් යයි සුදු වලාවක් ගලා
නිල් පාට මල් පිපී එක් සිනයක් පුරා
සුවද නිහඩ වචන වෙ දුරක දි තනිවෙලා
සිත තනි කරන වගේ උස් කදු ද වටවෙලා
කොහිද යයි  මුදු සුවද උස් කදු ද  මිටිවෙලා
සිහින බිද වැටුන මුත් සුවදෙ මන් මත්වෙලා
තැනෙන දෙවි විමානේ ඇත සිත නතුවෙලා

සුනිල්

1 comment: