Monday, June 29, 2015

monotakata

තේ පැල තුරු වියනේ
 තණපත් අත ගැටෙයි
ළා කොළ පැහැ තැවරි
 තේ දථ අවදි වී
දුර අහස්  ඇතිරිල්ලෙ
 වලා හා සිනාසේ
කාලයකට පසු
සැනෙකින් මෙ දෙස
පොද වැසි බිදු බිදු
පත්මත නැවතෙමින්
සිසිල් මද පවනේ
උණුසුමි නැටුමකි
අසළ වුන් කිතුල්
 තුර පහතින් මෝදුවන
මලක රුව නො සගවයි
කොතැන සිටි මුත් ඔබ
 එන්න මෙ තෙත් බිමට
 සුපුරුදු  හසරැල්
 පුබුදුවා මොහොතකට
------
සුනිල් ලීවානගේ  ගින්නලිය


No comments:

Post a Comment