Sunday, January 11, 2015



මවාගත් කළ අමනාපයක්


මවා ගත් කළ අමනාපයක්
පොපියන දෙතොලගින් සිනා
සෙඟවා නිසොල්මන් වෙයි සඳත්
නැත ඉන් කලුවර එන්නේ
දුකක් මුසු එළියක් පැතිරෙනු මිස
ඔබත් එවැනි සඳකි විටක දි
කමක් නැත මලක් වී සැමවිට
මඟක් දොරක්  වෙත රැදී
සුමුදු රුව පෑවාට
 සැඟවුණ මල් කුමට
එහෙත් රොන්සුණු බෙදන
මල්නමි කුමට පිපි  දුක් කටු
රිසිලෙසින් අනින්නට සිතේ
ඔබ මලකි  සැමවිට මට

No comments:

Post a Comment