Wednesday, November 26, 2014

නො පමාව

වැසිවලා නැගී මීදුම පෙරවු
තුරැ මුදුන් ළතැවෙයි
තෙත සීතළ අතර
වියපත් ව පතිත මල් පෙති
හුදෙකලා ව තුරු මුල වැටි
ලතැවුලෙනි නිහඩ තණ පත් හා
නැවති කුරැථ කූජන
ඇසේ දොමිනස් ස්වරයක්
 කොතැනකද රැදි වුන්
ඉවසිය නොහැකි සීතලක්
කොලොප්පමි කරයි නැවතී
හුදෙකලාව හා අමනාප වී
නො එනා ඔබටවත්
ලියන්නට නොහැකිද කවක්
කුරැථ හඩක් අවදි කර
හෙට උදෑසනවත් රහසේ



No comments:

Post a Comment