Thursday, July 17, 2014

කියන්නෙම නැතිද

ළා කොළපාට සැරසිල්ල පැල ගොයමට හැඩයි
සුළග හා මුකුලු කර පටු නියර සිප ගනී
උදෑසන රන් එළිය සුමුදු සෙවනැලි තනයි
ඒ අතර ඔබගෙ රැව මගේ සිතිවිලි සොයයි

රලු මුල් කැටි සදිසි මිටි කන්දෙ පටු පාර
පියමැන වෙල් එළියෙ නියරට ඔබ එතැයි
මසිතින් වද වෙද්දි ඔබ ගියේ කොයි අතද
මට කියන්නෙ ම නැද්ද මතු දිනෙක කිසි විටක

සුනිල්

No comments:

Post a Comment