Sunday, April 20, 2014

කේලාමි

ළා කහපාට පෙරදිග අහස යට
මද අදුර මදකට නැවතී
ඉගි කරයි මා දෙස ම
දුර කොතැනද කුරැලු කූජනයක්
නිසසල සුළග හා මුසු ව එයි මා වෙත
පොල් අත්තක් සෙමින්
අත වනයි දුර සිට
ඒ ඔබයැයි සිතා
දිව එන්නට තනයි සිත
බිමට බට බිමිමලක්
ඔබ ගැන
කේලමි කියයි මා හට


සුනිල් ලීවානගේ

No comments:

Post a Comment