Sunday, April 20, 2014

ඒ බව නො දනී

ගලක් පලා සිටවු මල් නොම පිපි           ණී
විලක් කරා ගිය මුත් ඒ විල සිදි              ණි
දොලක් නමුදු නැත මුදු සර සිත තැවු     ණි
මිණක් වුනෙන් නුඹ සිතිවිලි මුදු නොවිණි

කාලේ පැමිණ හිරැ සදු අහසේ දිලි      ණි
ඊලේ පෙමිණ් සිටියද අන් අත ඇමි      නී
සීලේ සිදි සිත අස කෝ ගිනි මැවි        නී
ආලේ මිණකි අද ඔබ ඒ බව නො ද     නී


සුනිල්

No comments:

Post a Comment

Piruna Hada Santhane