Monday, April 14, 2014

කුඩමසෙකි මා

දිගු නියං සමයක
හදිසියේ දිවැ එන
වැසි බර සුළගක් සේ
ඔබ ගැන මතකයකි මට
වියළි ව තුරැ ලතා මිය ගිය
ඉපනැල්ලක දි සිදි මතු පිට
කේඩෑරි ව තනි ව පැල වු
තණ තුරක පිපි මුදුන් මල ඔබ
කර්ශස ගිනි අවිව පතිත ව 
මිලාන වු කටු පදුරකින් වට
පයෙහි ඇමිණි රිදුමකි ඔබ
එමග බඩ දිය  කදුරක
රැදී පණ මදකට රැකගත්
කුඩමසෙකි මා ඔබ ම දකින


සුනිල්

No comments:

Post a Comment