Tuesday, April 15, 2014

කවි

එළි වන්නට පෙර

තුනී කලු වලා අතරින් පෑයු           සද
දනී දිලෙනයුරු  තරු කැණ් සගව    හිද
දැනී සීතලක්  ඉපනැලි සිහින        බිද
කනී ඔබ වෙතට එන්නට උමං      සොද

කන්දෙ ඉහළ කිතුලේ අග සදක්   ඇතී
මනරමි පටු මගක් ඔබ වෙත වැටී  ඇතී
පනා රැක මුලෙහි බංකුවෙ මසිත   ඇතී
සිනා මුවින් ඔබ එනවද මසද         වතී

මලානික එළියෙ පොල් අතු කවි  ලිය‍‍වෙ
බලා වුනිමි ඔබ දොරපත් අද පිය       වෙ
සලා උකුල නිවමින් සිත ගිනි සිලු      වෙ
කලාවකට එනු මැන මැදියම එළි      වෙ

සුනිල් ලීවානගේ

No comments:

Post a Comment