Sunday, April 20, 2014

කේලාමි

ළා කහපාට පෙරදිග අහස යට
මද අදුර මදකට නැවතී
ඉගි කරයි මා දෙස ම
දුර කොතැනද කුරැලු කූජනයක්
නිසසල සුළග හා මුසු ව එයි මා වෙත
පොල් අත්තක් සෙමින්
අත වනයි දුර සිට
ඒ ඔබයැයි සිතා
දිව එන්නට තනයි සිත
බිමට බට බිමිමලක්
ඔබ ගැන
කේලමි කියයි මා හට


සුනිල් ලීවානගේ
 දේශනා

සොබා දිනිතිය
වෙතට ළං ව
අපිස් දිවියෙන්
කල් ගෙවන්නට
වදාරන සැප රියේ පතිති ව
කාපටි මග
කොනට විසි වු
බලු කය
කිසිවෙකුත් නො දිටිණ


සුනිල්
ඒ බව නො දනී

ගලක් පලා සිටවු මල් නොම පිපි           ණී
විලක් කරා ගිය මුත් ඒ විල සිදි              ණි
දොලක් නමුදු නැත මුදු සර සිත තැවු     ණි
මිණක් වුනෙන් නුඹ සිතිවිලි මුදු නොවිණි

කාලේ පැමිණ හිරැ සදු අහසේ දිලි      ණි
ඊලේ පෙමිණ් සිටියද අන් අත ඇමි      නී
සීලේ සිදි සිත අස කෝ ගිනි මැවි        නී
ආලේ මිණකි අද ඔබ ඒ බව නො ද     නී


සුනිල්

Tuesday, April 15, 2014

කවි

මා දුටුවා

මෙ පමණ සුවදක් 
දෙන්නේ ඇයි ඔබ
කදු මුදුනේ සිතිජයක ඉදන්
මගේ කුටිය සැම අතෙක ම සුවදයි
තදින් බැදේ සිත නොහිමි ලෙසින්
නෙත නො ගැටෙ කිසි විටකදි මට නමි
සද එලියක් වාගේ ද ඔබ
බොරලු පොළවෙ සිට සිතින් දකින්නෙමි
රතු මල් සෙවනේ දුටුව රුව
හසගනක් සේ නැලවිල්ලේ ඔබ
විමසන පැන වැල මා දුටුවා
සිත ගත් අකුරින්
සුපුරුදු සුවදින්
යොවුන් සිතක රුව මා දුටුවා

සුනිල්


කවි

එළි වන්නට පෙර

තුනී කලු වලා අතරින් පෑයු           සද
දනී දිලෙනයුරු  තරු කැණ් සගව    හිද
දැනී සීතලක්  ඉපනැලි සිහින        බිද
කනී ඔබ වෙතට එන්නට උමං      සොද

කන්දෙ ඉහළ කිතුලේ අග සදක්   ඇතී
මනරමි පටු මගක් ඔබ වෙත වැටී  ඇතී
පනා රැක මුලෙහි බංකුවෙ මසිත   ඇතී
සිනා මුවින් ඔබ එනවද මසද         වතී

මලානික එළියෙ පොල් අතු කවි  ලිය‍‍වෙ
බලා වුනිමි ඔබ දොරපත් අද පිය       වෙ
සලා උකුල නිවමින් සිත ගිනි සිලු      වෙ
කලාවකට එනු මැන මැදියම එළි      වෙ

සුනිල් ලීවානගේ

Monday, April 14, 2014

කුඩමසෙකි මා

දිගු නියං සමයක
හදිසියේ දිවැ එන
වැසි බර සුළගක් සේ
ඔබ ගැන මතකයකි මට
වියළි ව තුරැ ලතා මිය ගිය
ඉපනැල්ලක දි සිදි මතු පිට
කේඩෑරි ව තනි ව පැල වු
තණ තුරක පිපි මුදුන් මල ඔබ
කර්ශස ගිනි අවිව පතිත ව 
මිලාන වු කටු පදුරකින් වට
පයෙහි ඇමිණි රිදුමකි ඔබ
එමග බඩ දිය  කදුරක
රැදී පණ මදකට රැකගත්
කුඩමසෙකි මා ඔබ ම දකින


සුනිල්


ඔතරමි වැරෙන් සැගව
ශෝකයෙන් සපිරි සේ
කලු වලාවකින් වැසී ඇති
මිලාන අහසේ බබලයි සද
සුපුර‍ැදු ලෙසින් ඒ ඹබ වත සේ ගෙන
එදෙස ම බලා සිටියෙමි හුදෙකලාවෙ
ඉපනැල්ලේ සැග ව දසත දෙදරවා
ගෙඹි කරචිචලය පුපුරැවයි සවන්
කලුවරින් එළියට නො පැමිණි
නෙක කෘමි හඩින් කීරි ගැසෙයි සිත
නියගක් බිද දමා අකලට වට වැස්සෙන්
 පය තැබෙන බිම වියළි පත් ද තෙත ය
ගිනි ගැනී ඇත සිත
ඔබ පිළිබද මතකයෙන්
කොහිද සැග ව සිටින්නේ මා වෙතින්
ඔතරමි වැරෙන්  අන් අරණක