Sunday, July 5, 2015

කලාවකට එන්න

තුනී කලු වලා අතරින් පෑයු සද
දනී දිලෙනයුරු තරු කැණ් සගව හිද
දැනී සීතලක් ඉපනැලි සිහින බිද
කනී ඔබ වෙතට එන්නට උමන් සොද
කනා සද දිලේ කන්දේ කිතුලෙ අග
මනා පටු මගකි ඔබ වෙත වැටුණු සොද
පනා රුක අසළ බංකුව දනී වග
සිනා මුව දැකුම සුවයකි මවෙත සග
මලාණික එළියෙ පොල් අතු කවි ලියවෙි
බලා වුනිමි ඔබ දොරපත් අද පියවෙී
සලා උකුළ නිවමින් සිත ගිනි සිථවෙි
කලාවකට එනු මැන මැදියම එළීවෙි

සුනිල් ලීවානගේ

No comments:

Post a Comment

Piruna Hada Santhane