Saturday, July 11, 2015

නව නගරේ මගියා

රුප ලාවන්‍යාගාරෙ--
මොකටද ගොඩවෙලා
රෙදි පිළි මාලිගේ--
තාම කලිසම හොදයි
ෂු කෝනර් එකේ
එල්ඊඩී දිලෙයි
මගෙ සපත්තුවෙ අඩිය
තව ටිකක් යත හැකි
පුඩි සිටියෙ බබළන
කෑම අගුණයි ඇගට
මොකටද මාර්කටි
උයං කන්නේ කොහෙද
බාර් එක ලගින් පය ඉක්මන් කළා
අද මෙි හෝටලෙං කාල බලනව හොදද
පාර ලග බෝදියේ ලතෝනි හේවිසිය
උපාසක සුදුවත්
වැද වැටෙී රන් වැටට

සුනිල් ලීවානගේ  ගින්නලිය

No comments:

Post a Comment

Piruna Hada Santhane