Thursday, May 28, 2015

එන්නේ නැති නිසා

මලානික සැදෑ හිරු
කහපාට එළිය ලප
තවරයි පැල ගොයමි
යායේ තැන තැන
මද සුළග ඉගි කරයි
ළා අුර තවර ගත්
අතු ඉති අතර සිට
කුරු ගී කිහිපයක්
සවනතෙහි පැටලෙද්දි
හුදෙකලාව ගෙවදි
ඇගිලිතුඩුවලින් විත්
මග බලන් සිටින මුත්
ඔබ එන්නෙ නැති නිසා
වැසි පොදක්වත් එන්න
ටිකක් සීතල රැගෙන
හුදෙකලාව හොදයි
තුරුථකරගෙන ඉන්න


No comments:

Post a Comment

Piruna Hada Santhane