Wednesday, August 27, 2014

පෙර කල සිහින
සහ පිරිවරට සද විලසින්         රගන්නියේ
යහමින් ඔවුන් වෙත තුට කිරි බෙදන්නියේ
සහනය නිතඹ සලමින් හද        දවන්නියේ
පහනින් ඔබෙ එළි නොව ගිනි තබන්නියේ

දුටිමි මගෙන් සැගවි මී බෙදු             නයන
දතිමි දැලක් වු අරැමය නිල්              නයන
බිදිමි කියා සිතුවත් සිත බැදි            දැහැන
තැවෙමි නිතිනි දුටුවෙන් පෙර කළ   සිහින


සුනිල් ලීවානගේ 

No comments:

Post a Comment

Piruna Hada Santhane