sitivili
සැන්දැව නොපමාව අදුර කර
පින්නගෙන
මගෙ පැලට ගෙවදියි නිසොල්මනේ වගේ
නියඟ පසු කරගෙන දිව එන වැසි
බින්දු
පහර දෙයි වහලට තෙත බරිත වෙයි
ගෙබිම
සීතලට අදුර විත් හැපෙයි
අහුමුවලත්
කිසිවෙකුත් නැතිතැනෙක පහන්
දල්වනු කුමට
වෙනද මෙන් මගෙ තනිය උසුලාගෙන
ඉන්න
බලු මිතුරු යන්න ඇත
ලග නෑ සියන් හා
ඔබත් එති එතී සිතු කාලයත්
අරගෙන ම
ගියෙන් කොහිදෝ අතක නැත පලක් සිතිවිල්ලෙsunil leewanage
No comments:
Post a Comment