කාලය ගෙවිණ
එදා රැදි වුන් තුරැ සෙවනැල්ල ම
දැන් ඔබ දකිනවද
තෙපලු බස් කහ මල් මත වැටිලා
නැවතත් පිපෙනව ද
කුරුටු ගගා පත් ලු ගෙබිමෙ මත
සටහන් පෙනෙනව ද
දුරක රැදි මා ඔබ රුව දුටු බව
නිකමට දැනුණා ද
පුරැදු වැලි මගේ අද තබනා පා
රලු බව දැනෙනව ද
අඹ දලු දැන් නැත තද පැහැ ගැන්වි
රලු බව පෙනෙනව ද
මුදු තණ මත පෙර අප ආ ගිය
මග රලු ගල් ඇතිරිණි ද
සුනිල් ලීවානගේ ගින්නලිය මහා විද්‍යාලය
No comments:
Post a Comment