Friday, June 13, 2014

නිහඩ ය

ඈත පෙරදිග අහසේ
අරැනථ පැතිරැනත්
මෑත වැසි බර අදුර
ගුලි ගැසී ඇත නොමින්
ඔබ ගැන මතකයෙන් පිරි
සෝ බර වු මසිත  සේ
තෙත බරිත මග දිගට
සුසුමි පිණි බරින් හිස නැමුණු
තණපත් නිසෝලමනේ වැතිරේ
නො යයි ළග හා මුමුනනුවත්
මුදු මුහුළ මුදා
ලැසි ගමනින් 
ඔබ එදා පියමැන්න මග
නිහඩ ය මඩ වතුරින් වැසී



No comments:

Post a Comment

Piruna Hada Santhane