Sunday, December 1, 2013


සිතිවිල්ල

ඔබ අන් අත පෑව  ආදරයේ
අරැනල් වසා ගෙන
මසිත උපන් විරහව
අසණි වැස්සක් විලස පැමිණේ
ඔබ පිය සටහන් මතකය
පිසදාන්නට දස අත
වැසි දිය සයුර සේ
ගලා යයි සිතළ හා
බිද වැටෙන ඉවුරැ ලෙස
දෙදරයිද ඔබගේ පැතුමන්
බිම පතිත පතක් සේ
මා පාව යයි ද ඔබෙන්
ඔබ දෙසින් නිතැතින්
විදුලිය නැගේ සැනෙකින්
රැව දකිමි එලෙස මසිතින්
හෙන හඩ නො ගෙන සවනින්

සුනිල් ලීවානගේ ගින්නලිය මහා විද්‍යාලය


No comments:

Post a Comment

Piruna Hada Santhane