Wednesday, December 25, 2013

                    කාටත් කලින්

ආකහෙ පුරා පිපි තරැ මල් දුටුවෙ නැතී
සදවත පුරා දුටු සොමි රැස් පෙනෙනු නැතී
ලිය ගොමු යටින් දුටු කලුවර නිමක් නැතී
.සිතේ දුකට කී කවි වැල් ගනන් නැති

කීව නිසා සිත බැදුනයි කියමි ඉතින්
ආව නිසා දුටුවා යැයි සිතමි නිතින්
පෑව සෙනේ පිණි බිදුවක් වු විලසින්
යාව ජීව ලෙස සෝ කදු දරමි සිතින්

කාටත් එළිය බිදු බෙදනා පාන ලෙසා
ඊටත් වැඩිය සුවදක් නැති මලක් ලෙසා
රෑටත් නැතිව දහවල පෑ සධ විලසා
කාටත් කලින් මා රැවටු විලස යසා

                      සුනිල් ලීවානගේ    ගින්නලිය මහා විද්‍යාලය

No comments:

Post a Comment

Piruna Hada Santhane