Wednesday, December 25, 2013

          නො ළං ව දුරකින්

තෙල් පහනක එළියක් වගේ
මලක සුමියුරැ සුවද සේ
පිණිබර ළදල්ලක් සැලෙන සේ
එන්නේ ඇයි ඔබ සිත වෙත නිතින්

වලාකුලු නැති නීල අහසේ
හායනා පස සද වගේ
අදුරැ රේඛා මතට එළියක්
දෙන්නේ ඇයි ඔබ දුරට වී

ඉරිමා උදයක නිහඩ බව සේ
නැගෙන හිරැ නැති අරැණ එළි සේ
නොවැටහෙන මුදු උණුසුමක් සේ
ඉන්නේ ඇයි ඔබ නො ලං දුරකින්


සුනිල් ලීවානගේ         මාර   ගින්නලිය මහා විද්‍යාලය

No comments:

Post a Comment

Piruna Hada Santhane