Saturday, August 31, 2013

      මද සිනා

ගරාජයෙ කොත ඇන්ටනා අග
ඇමිණ ඒ මනහර දසුන්
සුවසුනේ උපැසිනි සුවෙ
නෙක් මලින් සැදි අරමි උයනේ
දිලෙන පාටැති බිතු කොනේ
යොවුන් පුමිතිරි මල් පිපේ
බමර ගීයක තණු වැයේ
බිමට බර වත සුදු උතුරැ සලු
රිදී බදුනෙක කොත ගසා
පිදු නෙක මසවුලෙහි නෙත ගැටි
පිළිම මුවගේ මද සිනා

සුනිල් ලීවානගේ

No comments:

Post a Comment

Piruna Hada Santhane