Saturday, August 31, 2013

     ප්‍රතිමාව
රන් වනින් සපිරි
නීලෝත්පල නුවන් ඇති
ලලිත හැඩරැවින් සැදි
සොදුරැ ප්‍රතිමාව ඔබ
වෙතොත් ඉදිරියේ මලසුනක්
මල් පුදා නිති
යාදිනි ගැයිය හැකි වුව
සිතක් නැතියෙනි
වෙහෙසෙනු කුමට
රනින් අරංගල් ලුවත්
නො ඇසෙන සවන් කිම
සොදුරැ වත දෑලවර


සුනිල්

No comments:

Post a Comment

Piruna Hada Santhane