සැගවි සැගවී
-----------------
අදුරු වලා පොරවාගෙන
කෙතරමි හඩනවා ද අහසක්
ගලා යන දියෙත් කෙතරමි
වැර දරනවාද සොදා ලන්න
වැලි මගේ ඔබ පියසටහන්
කෙතරමි සියුමි කටු
අමෝරා සිටිත් ද නිදිකුමිබා
පදුරු රිදවන්න මට තවත්
කෙතරමි සොයනවා ද
එකලා කුරුල්ලෙක් ව
මසිත ඔබ ගැවසි තැන්වල කෙතෙක්
කෙතරමි සරණවා ද මදනල
සොයමින් ඔබ සුවද දසත
කෙතරමි කල් සිටිනවා ද ඔබ
සැගවි සැගවි මවෙතින් මෙදියත
No comments:
Post a Comment