Wednesday, April 29, 2015

ගුරුකම

ලන්ද දිගේ මායිමි කටු වැට අතරින්
නියරෙන් වක්කඩෙන් වෙල් ඉපනැලි අතරින්
පින්නේ සීතලෙන් ගිනි අවි වැසි අතරින්
ඇල්මේන් සිප් හලට ගියමුත් මහත් බැතින්

දසක ගනන් කල් ගත වි තිබෙනු දැනේ
ශිල්ප උගත් අය ඉවතට හැරෙනු පෙනේ
මිලයට ශිල්ප නොමදුන් දුක ගතට දැනේ
ඉපයූ දැනුම කුසගින්නට මිලින වුනේ

පොද වැස්සටත් සෙවනේ බිම හඩා වැටෙී
ගෙවිලා මිරිවැඩි ද දෙසරණ දෙරණ ගැටෙී
නිදියයි පෑන බලුනක් සැදි පොත ද වැටෙී
ගුරුකම මිරිගුවකි බොල්කම හතර වටෙී

සුනිල් ලීවානගේ  


No comments:

Post a Comment

Piruna Hada Santhane