තරුවක් අමනාප ව
අඳුුරින්
තරුවක්වෙලුණු විට සුන්දරයි
කිසිවක් ම නො පෙනේ එය ම මිස
තරහින් වෙලුණු සෙනෙහැති ඔබ ලෙසින්
සීතල අතරින් කඩා හැලෙන පතක්
මිදුල මත වැටී නංවයි මහ හඩක්
මසිත නො අසන ඔබට එය
නො ඇසෙන බව
දනිමි
අමාවක අඳුුරට මුවා වී මෙ
මොහොතේ
මිදුල අග බංකුවෙහි රැදෙතොත් ඔබ
දකින්නට ආසයි තරහ ඔය මුවමත
කරන දඟ
කලාමැදිරියන්ටත් රහසින්
සුනිල්
No comments:
Post a Comment