Wednesday, November 6, 2013

            සුවදයි

මෙපමණ සුවදක් දෙන්නේ ඇයි ඔබ
ඈත දුරක සිතිජයේ ඉදන්
මගේ කුටිය සැම අතක ම සුවදයි
තදින් බැදේ ඉන් නොහිමි ලෙසින්
නෙත නො ගැටෙි කිසි විටකදි නමි
සද එළියක් වාගෙයි ද ඔබ
බොරලු පොළවෙ සිට සිතින් දකින්නෙමි
රතු මල් සෙවනක රැදුණු රැව
හසගනක් ලෙසින් නැලවිල්ලේ හිද
විමසන පැන වැල මා ඇසුවා
සිත් ගත් අකුරින් සුපුරැදු සුවදින්
යොවුන් සිතක රැව මා දුටුවා
                                                         සුනිල් ලීවානගේ      මාර  ගින්නලිය මහා විද්‍යාලය

               තෙත සීතළ
තෙත බරිත පැල තේ බිමට හිස නමා ගෙන
අදුරැ තෙත් වලාවන් හඩයි වැසි සුසුමි ලා
පොල් අතු වහළටත් දැනේ සීතල ම තෙත
චිරි චිරියේ ස්වරය මිස
නැත රැයේ වෙන හඩක්
දිය බින්දු නැග සිටින තණ පළස් අඩි පාරෙ
පා ලතු තවරමින් එතැයි ඔබ මුදු සිතින්.
දැළි වැකුණු චිමිනිය ද මග බලන් එළිපතේ
                                                                        සුනිල් ලීවානගේ     ගින්නලිය මහා විදළුාලය

No comments:

Post a Comment

Piruna Hada Santhane